covi 1ops roommedia

curfew pass 1

Police Saving Association (PSA)

logo

දැක්ම
සාමාජිකයින්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උචිතවු මුල්‍යමය ඉතිරුම් ආශ්‍රිත සේවා සැපයීම.

අරමුණ
මුදල් ඉතිරි කිරීම හා සකසුරුවම්කම හුරු කිරීම මෙන්ම සහනදායි පොලී අනුපාතයක් මත ණය ලබා දීම.

මෙහෙවර
සාමාජිකයින් හට හොඳ විශ්‍රාම දිවියක් තහවුරු කරදීම මෙන්ම මුල්‍ය ස්ථාවරත්වයක් ලබා දීමට හිතෛශීව කටයුතු කිරීම.

 

psa


ඉතිහාසය හා විකාශය


වර්ෂ 1924 දී පොලිස් අධිකාරි ජේ.ඩි.එයිට්කන් මහතා විසින් ආරම්භ කරන ලද මෙම සංගමය වර්ෂ 1928 අංක 4 දරණ ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගම් ආඥා පනත යටතේ නීති ගත කරන ලදි.
පොලිස් සේවයට අයත් සියළුම නිළධාරි නිළධාරිණියන් මෙන්ම සිවිල් නිළධාරි නිළධාරිණියන්ටද මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට හිමිකම් ලබාදී ඇත.

නිළධාරින්ගේ සුභ සාධනය උදෙසා සැකසුන ආරක්‍ෂිත මුල්‍ය ආයතනයක් බවට මෙම සංගමය වර්තමානයේ පත්ව ඇත. ඕනෑම හදිසි අවස්ථාවක ඉතා ඉක්මනින් සහනදායි පොලි අනුපාතයක් යටතේ ණය ලබා දෙන අතර ණය ලබා ගත් පසුවද ප්‍රතිලාභ එලෙසින්ම ගෙවනු ලබයි.

හොඳ විශ්‍රාම දිවියකට සකසුරුවම් බවෙන් යුතුව මුල්‍ය ඉතිරුම් පවත්වාගෙන යාමට වර්තමානයේ විශේෂ ගෙවීම් ක්‍රම, ඉතිරුම් ක්‍රම මෙන්ම දීමනා ක්‍රම මගින් පෙර හුරුවක් ලබා දේ.

එමෙන්ම වැල් පොලිය 4% වාර්ෂික පොලි අනුපාතය මත ගණනය කරනු ලබන අතර වසර 15 ට වැඩි ගිණුම් ආපසු ලබා ගැනීමේදි වැල් පොලිය ලබා දේ. ප්‍රසාද දීමනා එක් මුදල් වර්ෂයක් අවසානයේදි උපයා ඇති ලාබය පදනම් කර ගණනය කර ලබාදේ.

2009 වර්ෂයේ සිට සාමාජිකයින්ගේ දරුවන් සඳහා ළමා ගිණුම් ආරම්භ කරන ලද අතර නිළධාරියාට ලැබෙන ප්‍රතිලාභ දරුවාගේ ගිණුමටත් හිමිවේ.

2014‍.10.30 සිට කෙට් පණිවිඩ සේවාවක් හඳුන්වාදී ඉතා ඉක්මනින් ගිණුම් හා ණය තොරතුරු දැන ගැනීමට සලස්වා ඇත. එමෙන්ම මෙහෙයුම් කටයුතු පරිගණක ගත කරන ලද අතර 2018 වසරේදි ණය මුදල් ප්‍රමාණය වැඩි කර 2019 වසරේදි උකස් හා විශේෂ ණය රක්ෂණ ක්‍රමයක් ඇති කරන ලදි.

කාර්ය භාරය

  • මුදල් ඉතිරි කිරීමට දිරි ගැන්වීම. (විශේෂ ගෙවීම් ක්‍රම, වැල් පොළිය, ප්‍රසාද දීමනා, 12% විශේෂ දීමනා)
  • ආරක්‍ෂිත මුල්‍ය ආයතනයක් බවට පත් කිරීම.
  • හොඳ විශ්‍රාම දිවියකට සකසුරුවම්කම හුරු කිරීම.
  • මුල්‍ය ස්ථාවරත්වයක් ලබා දීම.
  • කෙටි කාලීන ණය ලබා දීම.
  • විශාම ගන්නා අවස්ථාවේදි මුල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම.
  • ඉඩම් නිවාස මිලදි ගැනීමට ණය ලබා දීම.

Capture

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931