covi 1ops roommedia

රථවාහන කළමනාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් 190 දෙනෙකු විසිර යති.

රථවාහන මූලස්ථානය මඟින් පවත්වන ලද 37 වන කණිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවේ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් 190 දෙනෙකු සඳහා සහතිකපත් හා ලාංඡන ප්‍රධානය කර විසිරයාමේ උත්සවය 2020.03.12 වන දින බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිවයින පුරා රථවාහන රාජකාරි යෙදි සිටින නිලධරයන් 2331 ක් මේ වන විට මෙම කණිෂ්ඨ රථවාහන කළමණාකරණ පාඨමාලාව හදාරා ඇත.

මෙම උත්සව අවස්ථාවට මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා හා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සහ පරිසර ආරක්ෂක දිසාව භාර මුදිත පුස්සැල්ල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/655-190#sigFreeId282127ead6