covi 1ops roommedia

curfew pass 1

ශ්‍රී ලංකා පොලිසිය කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්ථානයන් විෂබීජහරණය කිරීමට ඉදිරිපත් වෙයි.

COVID – 19 නොහොත් නව කොරෝනා රෝග වසංගතය නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය දියත් කල වැඩසටහන් රැසක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වේ.

එම ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට සමගාමීව කොළඹ දිසාවේ පොලිස් නිලධාරීන් මෙන්ම ක්‍රීඩා කොට්ඨාසයේ සහ පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් එක්ව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ , කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන් , ගුණසිංහපුර පුද්ගලික බස් නැවතුම්පොළ , ගංගාරාම විහාරස්ථානය සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලිය , යන ස්ථානයන් අධි වේග ජල ප්‍රහාරක යන්ත්‍ර යොදා සෝදා පවිත්‍ර කර විශබීජ නාශක දියර යොදා විශබීජහරණය කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු 22 වන දින සිදු කරන ලදී. එම අවස්ථාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා, බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගි විය.

මේ ආකාරයට ඉදිරි දිනවලදී බස්නාහිර පළාතේ අනෙකුත් පොදු ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පිරිසිදු කර විශබීජහරණය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට සැලසුම් කර ඇත.