covi 1ops roommedia

curfew pass 1

සමාජ ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.

COVID 19 කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කිරීමකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශණයකට අනුව 2020.04.05 වන දින වාද්දුව ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය 2020.04.05 දිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 2020.04.09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන (Share) අයවලුන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගැනීමට තවදුරටත් කටයුතු කරනු ඇත.