covi 1ops roommedia

curfew pass 1

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ජාතික රුධිර පාරවිලන ඒකකයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020 අප්‍රේල් මස 29 වන දින පෙරවරු 0900 ට වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකක පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී, නාරහේන්පිට රුධිර පාරවිලය මධ්‍යස්ථානයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන ධීර හෙන්නායක, අයිවන් පත්මචන්ද්‍ර සහ වෛද්‍ය නිශාන්ති යන මහත් මහත්මින් ඇතුලු සෞඛ්‍ය කාර්මණ්ඩල පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම සත්ක්‍රියාව සිදුකරන ලදී.

මෙම උතුම් සමාජ සත්කාරය සදහා ගරුතර මහා සංඝරත්නයද, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකක භාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධරයන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි විය.