covid ops

නීති විරෝධී ගිණි අවි නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට - තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුර

2020.08.12 වන දින දහවල් 1.45 ට පමණ වලස්මුල්ල පොලිස් වසමේ මැදගන්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය තංගල්ල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු පහත දේපල සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා වලස්මුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් දේපල :-

1. ගල් කටස් වර්ගයේ අවියක්
2. T කටස් වර්ගයේ අවියක්
3. 7.62 X 39 MM ජීව පතරොම් 06 ක්
4. 9 X 19 MM වර්ගයේ ජීව පතරොම් 02 ක්
5. SG වර්ගයේ පතරොම් 03 ක්
6. භාවිතා කරන ලද 7.62 X 39 MM හිස්කොපු 03 යි
7. පෑස්සුම් යන්ත්‍ර 01 යි.
8. ගිණි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා විවිධ උපකරණ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61 ක් වන ගල්කොලහේන, මැදගන්ගොඩ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු 2020.08.13 වන දින වලස්මුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444