covi 1ops roommedia

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම් තුමන් පොලිස් මූලස්ථානයේ සංචාරයක.

වාරි මාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න (විශ්‍රාමික) මහතා 2020.09.02 වන දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

සංචාරය අතර තුර අමාත්‍ය තුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කිරීම ද සිදු කල අතර අනතුරුව පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී උසස් පොලිස් නිලධාරීන් ඇමතීමද සිදු කරන ලදී. මෙම අවස්ථාවට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.