covi 1ops roommedia

154 වන පොලිස් දිනය නිමිත්තෙන් පොත් ප්‍රධානය කිරීමේ උත්සවය.

වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 154 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත හා රථවාහන මගින් සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ පාසල් 10ක පුස්තකාල සඳහා පොත් ප්‍රධානය කිරීමේ උත්සවය 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංඟාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවත්විණි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් සහ පාසල් දරුදැරියන් රැසක්ද එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/723-154#sigFreeId5fd7d37c94