covi 1ops roommedia

රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සංවිධානයෙන්, ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ස්ථරය වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ පොලිසියේ අභිවෘද්ධිය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 154 වන පොලිස් දිනය යෙදී තිබූ 2020.09.03 වන අද දින පස්වරු 0300 ට පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රාජ්‍ය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාලිකා සුරියප්පෙරුම මහත්මිය ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සාකච්ඡාව අවසානයේදී, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඒ. සී. ඩෙප් මහතා විසින් රචනා කරන ලද පොලිස් ඉතිහාසයේ 1796 සිට 1866 දක්වාත්, 1866 සිට 1913 දක්වාත්, 1915 සිංහල මුස්ලිම් කෝළහලය පිළිබඳ රචිත වෙළුම් තුනෙහි සිංහල පරිවර්තනය පොලිස්පතිතුමන් විසින් ගරු අමාත්‍යතුමන් හට හා ආරක්ෂක ලේකම්තුමන් හට පරිත්‍යාග කරන ලදී.