covi 1ops roommedia

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කහවත්ත විශේෂ කාර්ය බලකා කඳවුර

කහවත්ත විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින දහවල් 01.40 ට පමණ කහවත්ත පොලිස් වසමේ වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වූ වැල්ලන්දුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සැකකරු 2020.09.14 වන දින පැල්මඩුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.