covi 1ops roommedia

රිවෝල්වරයක් ඇතුළු අවි 03ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුර

තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින රාත්‍රී 07.45 ට පමණ දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 අවියක්, වායු රයිෆලයක් හා පතරොම් 04 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68 ක් වූ දෙමයපිටිය, වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු 2020.09.14 වන දින මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/746-03#sigFreeId5e69138240