covid opsstf 37

මතින් තොර ළමා පරපුරක් උදෙසා පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සමාජය තුල සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වලක්වා ගැනීම පිළිබඳව ළමා පරපුර දැනුවත් කිරීමේ දේශණ මාලාවක් වැඩබලන පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න සහ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ජාලිය සේනාරත්න යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ පොලිස් මූලස්ථානයේ, පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

එම දේශන මාලාවට සමගාමිව කොළොන්නාව රජමහා විහාරස්ථානයේ දහම් පාසලේ සිසු දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 සැප්තැම්බර් 13 වන දින එම විහාරස්ථාන භූමියේදී පවත්වන ලදී.

මේ සඳහා පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනිල් ප්‍රියන්ත මහතා, ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර, දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ප්‍රවීන මාධ්‍යවේදී රංගන සිල්වා යන මහත්වරුන්ද, දහම් පාසලේ ගුරුවරුන් පිරිසක් සහ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධරයන්ද සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444