covid opsstf 37

පොලිස් නිලධාරිනියක් දිරිය කාන්තාවක් ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි.

කාන්තා කළමනාකරණ ආයතනය (Women Leadership) මගින් සංවිධානය කළ Top Women 50 - 2018 සම්මාන උළෙල පසුගිය (07) දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි.

මෙහිදි 2018 වසරේ හොඳම කාන්තාවන් 50 (Top Women 50 ) අතරට දොම්පේ පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 4242 මංජුලා නිලධාරිනිය පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් දිරිය කාන්තාවක් ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම නිලධාරිනිය දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන අතර ඇය වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇත. මෙම සේවා කාලය තුළදි දූෂණ වැටලීම් සාධු සටහන් 640 ක්ද, අපරාධ සාධු සටහන් 24 ක්ද, ලබා ඇති අතර මහාධිකරණ නඩු 30 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා සාර්ථකව සාක්‍ෂි ලබා දි ඇත. තවද, ඇයට විරුද්ධව අසාධු සටහන් හෝ කිසිඳු විනය පරීක්‍ෂණයක් පවත්වා නොමැත.

මෙම අවස්ථාවට එවකට බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, මුදිත පුස්සැල්ල යන මහත්වරුද සහභාගි විය

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444