covid opsstf 37

පොලිස් නිලධාරීන් හට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්‍ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස 44 ක් සහ ක්‍රියාකාරී කොට්ඨාස වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය සහ කළුතර පොලිස් විද්‍යාලය යන කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්‍ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (2020 සැප්තැම්බර් 21) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ විද්වත් මණ්ඩලයක් විසින් ලබා දෙන ලදී.

මෙම වැඩමුළුවට අමතරව පසුගියදා (2020 සැප්තැම්බර් 09) දිවයිනේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, පරිගණක අංශ සම්බන්ධීකරණ නිලධාරීන් 88 දෙනෙකු සඳහාද අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444