covi 1ops roommedia

ලෝක ළමා දිනයට ශ්‍රී ලංකා පොලීසියෙන් සමාජ සත්කාරයක්.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් හා මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු සමාජ සත්කාර වැඩසටහනක් මීරීගම සත්සෙවණ රජයේ පිරිමි ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී 2020 ඔක්තෝබර් 01 දින දවස පුරා පවත්වන ලදී.

මෙහිදී පුනරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ශ්‍රමදානයක් පවත්වා පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව පුනරුත්ථාපන වන දරුවන්ගේ විනෝදය සඳහා සංගීත වැඩසටහනක් පවත්වා ඔවුනට සවස් කාලයේ තේ පැන් සංග්‍රහයක් ද ලබාදෙන ලදි.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවුණු අතර පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ හා මීරීගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්ද මීරීගම ඩඩ්ලි සේනානානයක විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.