covi 1ops roommedia

පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක්.

2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මරදාන හා කොළඹ 02, කිව් පාරේ පිහිටි පෙර පාසල්වල ඉගෙනුම ලබන පොලිස් නිලධරයන්ගේ දූවා දරුවන් 107 දෙනෙකු හා ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් පාලනය වන බොරැල්ල ලක්විඳු පෙර පාසලේ දූවා දරුවන් 43 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් එදින පැය 0930 ට කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගමයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ශවත්ව පවත්වන ලදි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා බස්නාහිර පළාත හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් සුභසාධක හා වෛද්‍ය සේවා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ඛණිජ තෙල් සංස්ථා තොග පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් උවයිස් මොහොමඩ්, සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි ප්‍රශාන්ති ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.