covi 1ops roommedia

හෙරොයින් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කාර්යාංශය මහනුවර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොස්වත්ත පොලිස් වසමේ කිරිමැටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 232 යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු 2020.10.02 වන දින රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක් තුල සගවා තිබූ හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 405 ක් සමග සැකකරුවෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

අත් අඩංගුවට ගත් සැකකරුවන් කිරිමැටියාන, කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/764-07#sigFreeIda04ac49419