Print this page

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධව

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පොලිස්පතිවරයා වෙතින් කරන ලද ඉල්ලීමට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටද නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබේ.

 

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන පොලිස් බලප්‍රදේශ වන්නේ වේයන්ගොඩ, දිවුලපිටිය, මිනුවන්ගොඩ වේ.

curfew