මඩොල්සිම පොලිස් වසමේ අමුණුවත්තේ ගෙදර, බකිණිලන්ද, මැටිගහතැන්න ලිපිනයේ නිවසක කුඩා දැරියක් අනාරක්ෂිතව සිටින බවට 2020 දෙසැම්බර් 17 වන දින මඩොල්සිම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන ලදී.
ඒ අනුව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.සී. ලොකුදඩැල්ල ඇතුළු නිලධරයන් පිරිසක් විසින් නොපමාව එම තොරතුර පරීක්ෂා කර ඉහත ලිපිනයේ අනාරක්ෂිත ලෙස ජීවත් වූ වයස අවුරුදු 03 ක් පමණ වන දැරිය පොලිස් භාරයට ගන්නා ලදී.
දැරියගේ මව දැරිය අතහැර දමා නිවසින් ගොස් ඇති බවටත්, දැරියගේ පියාගේ ද නිසි රැකවරණයක් නොමැතිව අනාරක්ෂිත ලෙස දැරිය පියා සමඟ නිවසේ රැඳී සිටි බවටත් විමර්ශණයේදී කරුණු අනාවරණය කර ගෙන ඇත. මව්පියන්ගේ ආදරය , සෙනෙහස, රැකවරණය නොමැතිව සිටි මෙම දැරිය පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත පස්සර ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දැරියගේ පියාට භාර දෙන ලෙස ගරු අධිකරණය නියෝග කර ඇත.
https://www.police.lk/index.php/item/791-2020-12-19-04-43-14#sigFreeIdcd78a9d43e