මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අභිවෘද්ධිය සහ සැලසුම් සඳහා විශේෂ සාකච්ඡාවක් කොට්ඨාස භාර නිලධාරීන් හා ක්‍රියාකාරී කොට්ඨාස වල අධ්යක්ෂවරු වෙනුවෙන් 2021.01.06 වන අද දින ටොරින්ටන්හී පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී කොට්ඨාස භාර නිලධාරීන් 44 දෙනා වෙනුවෙන් ටැබ් වර්ගයේ පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගි විය.
https://www.police.lk/index.php/item/797-2021-01-06-17-06-27#sigFreeIde74b214f7d