covi 1ops roommedia

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් දොරට වඩි.

ශ්‍රි ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය, එළඹෙන සැප්තැම්බර් 03 වන දිනට යෙදී ඇති 152 වන පොලිස් දිනය අති උත්කර්ෂවත්ව සැමරිමට කටයුතු සංවිධානය කර ඇත. එයට සමගාමිව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් එළිදැක්විම 2018 අගොස්තු 30 වන දින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි සිදුකරන ලදි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රවිනිශ්චකාර, ප්‍රියසාද් ඩෙප් මහතා සහභාගි වු අතර මෙලෙස එළිදක්වන ලද ග්‍රන්ථයන් ගරු අග්‍රවිනිශ්චකාරතුමාගේ පියාණන් වන ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචනා කරන ලදි. ඒවා නම්, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පළමු වෙළුම (1715 සිට 1866 දක්වා), ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය දෙවන වෙළුම (1866 සිට 1915) සහ 1915 වර්ෂයේ ඇති වු සිංහල මුස්ලිම් කැරැල්ල පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයන් වේ.

රාජ්‍ය පරිපාලන කළමනාකාර සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නලීන් බංඩාර, රාජ්‍ය පරිපාලන කළමනාකාර සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පද්මසිරි ජයමාන්න, නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය හා පොලිස්පති, පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා පොලිස් නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/80-03#sigFreeId85ffb38df0