කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) ජගත් අබේසිරිගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.05 වන දින පස්වරු 03.00 ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විය.
මෙම විසිර යන ආධුනික නිලධරයන් 2019 .10.01 වන දින මූලික පුහුණුව සඳහා බඳවාගෙන ඇති අතර මොවුන් සදහා මොඩියුලර් 07 කින් සමන්විත පොලිස් නීතිය හා ප්‍රායෝගික නීතිය, මාස 03 ක ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රසම්පාදන හා විනය කාර්ය පටිපාටිය සම්බන්ධව සති 02 ක විශේෂිත වැඩමුළුවක්ද ලබා දී ඇති අතර මීට අමතරව පෙළපාලි, අශ්වාරෝහක පුහුණව, අවි පුහුණුව, ආත්මාරක්ෂක, ක්‍රීඩා පුහුණුව හා පිහිණුම් යන අංශයන් මගින්ද ප්‍රවීණතාවය ලබා දී ඇත. මෙම ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් මාස 03 ක කාලයක් ක්ෂේත්‍ර පුහුණුව සඳහා පොලිස් ස්ථාන වෙත යොමු කර ඇත.
මෙම විසිරයාමේ උත්සව අවස්ථාව සම්මාන පෙළපාලියකින් සමන්විත වූ අතර මේ සදහා පුහුණු දිසාව භාර නි.පො.ප සම්පත් කුමාර ලියනගේ මහතා, , බඳවාගැනීම්, මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් ප්‍රවාහන හා සංදේශ දිසාව, වැඩ බලන සුභ සාධක දිසාව භාර නි.පො.ප රන්මල් කොඩිතුවක්කු මහතා සහ කළුතර පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්ද සහභාගී විය.
https://www.police.lk/index.php/item/808-14?tmpl=component&print=1#sigFreeIdfa6ac56118