2021.02.12 වන අද දින උදෑසන 11.45 ට පමණ බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපාර, කොළඹ 08 ලිපිනයේ පිහිටි කල් ඉකුත් වූ රසායනාගාර උපකරණ බෙදා හරින බවට ලද තොරතුරක් මත ජාතික ඖෂද නියාමන අධිකාරියේ නිලධාරීන් කන්ඩායමක් සමග වැටලීමක් සිදුකර ඇත.
එම ආයතනයේ තිබී කල් ඉකුත්වූ රසායනාගාර උපකරණ තොගයක් ඖෂද නියාමන අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම උපකරණ ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන්වා ඇත. පසුව එම උපකරණ වෙනත් රටක නිෂ්පාදනය කර මෙරටට ගෙන්වන බවට එහි ලේබල් සහ පෙට්ටි සකස් කර නැවත අසුරා වෙළද පොලට අලෙවි කිරීම සිදු කරණ බවට අනාවරණය වි ඇත.
මෙම ආයතනය වසර 15 ක පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයට මෙම රසායනාගාර උපකරණ ගබඩා කිරීමට හෝ ලග තබාගැනීමට කිසිදු බල පත්‍රයක් තිබී නොමැත. තවද මෙම ආයතනය මගින් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වලටය හා රසායනාගාර වලට මෙම උපකරණ බෙදා හැරීම කලක සිට සිදුකර ඇති බවටද අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරු බැදුම්කරයක් මත මුදාහැර ඇති අතර එම ආයතනය මුද්‍රා තැබිමට කටයුතු කර ඇත. ඉදිරි විමර්ශන කටයුතු ජාතික ඖෂද නියාමන අධිකාරිය විසින් සිදු කරණු ලබයි.
https://www.police.lk/index.php/item/812-2021-02-12-18-43-10#sigFreeIdb2e5de31e7