සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2021.02.16 දින කොහුවල පොලිස් වසමේ පැපිලියාන පාරේ පිහිටි නවාතැන් පහසුකම් සපයන ස්ථානයක තිබී හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 125 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක පුද්ගලයකු වන අතර ඔහු 2021.02.17 වන දින ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගෙන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/813-10#sigFreeId8eacfd8416
https://www.police.lk/index.php/item/813-10#sigFreeId8eacfd8416