covid ops

දකුණු පළාත් මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් ඇමතීම

සෞභාග්‍යමත් රටක ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක්, විනය ගරුක සමාජයක් යන්න පෙරදැරි කරගනිමින් බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා ආරම්භ කරනු ලබන මහජන ආරක්ෂක කමිටු නියමු ව්‍යාපෘතියේ දකුණු පළාත් සම්මන්ත්‍රණය, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.07 වන දින පෙරවරු 09.00 ට රුහුණු විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

මෙහිදී මහජන ආරක‍්ෂක කමිටු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ මහජන ආරක්‍ෂක කමිටු සභාපතිවරුන් අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.

තවද හක්මන පොලිස් වසමේ සිදුවු රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය වූ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානයක්ද, මාතර, තංගල්ල ,ගාල්ල, ඇල්පිටිය යන කොට්ඨාසයන්හි මහජන ආරක්ෂක කමිටු 2130ක සභාපතිවරුන් වෙත සාමාජික හැදුනුම් පත් සහ මොබිටෙල් සිම්පත් ප්‍රදානයක්ද සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය නිලධාරින්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ සිල්වා මහතා සහ පොලිස් නිලධාරින් රැසක්ද එක්විය.

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444