covid ops

20 වන ජ්‍යෙෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් 66 කට සහතිකපත් හා ලාංඡන ප්‍රදානය කෙරේ.

රථවාහන මූලස්ථානය මගින් පවත්වන ලද 20 වන ජ්‍යෙෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවේ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 66 දෙනෙකු සදහා සහතිකපත් හා ලාංඡන ප්‍රදානය කර විසිරයාමේ උත්සවය 2021.03.09 වන දින බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රටේ පවත්නා කොරෝනා වසංගත රෝගී තත්වය හේතුවෙන් සෞඛ්‍ය හා නිරෝධායන නීති රීති වලට අනුකූලව මෙම උත්සවය පැවැත් වූ අතර දිවයින පුරා රථවාහන රාජකාරි වල යෙදී සිටින නිලධරයන් 912 ක් මේ වන විට මෙම ජ්‍යෙෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාව හදාරා ඇත.

මෙම උත්සව අවස්ථාවට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා හා රථවාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/822-20-66#sigFreeId0a3c88598d

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444