කළුතර උතුර පොලිස් ස්ථානය අසළ ස්ථාපිත කර තිබූ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 03.00 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කිරීම සිදුකරන ලදී.
කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන මට්ටමින් පිහිටා ඇති ළමා හා කාන්තා කාර්යංශ සම්බන්ධීකරණය කරමින් ළමා හා කාන්තා අපරාධ නිවාරණය කිරීම මෙම කොට්ඨාසය ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වන අතර මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 06 ක පමණ මුදලක් වැය කර ඇත.
මෙම උත්සවය සඳහා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, කාන්තා හා අධ්‍යාපන යටිතල පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මැතිතුමන්ලා ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසක්ද, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ප්‍රියන්ත වීරසුරිය, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.