කළුතර කොට්ඨාසයේ ඉත්තෑපාන නව පොලිස් ස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා, හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 04.15 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.
රුපියල් මිලියන 2.7 කට මුදලක් වැය කර ඉදිකරන ලද මෙම පොලිස් ස්ථානයත් සමග සමස්ත පොලිස් ස්ථාන ගණන 495 වේ. පාලන අංශය, අපරාධ අංශය, සුළු පැමිණිලි අංශය ඇතුලුව පොලිස් ස්ථානයක තිබිය යුතු සියළුම අංශයන්ගෙන් සමන්විත මෙම ඉත්තෑපාන නව පොලිස් ස්ථානයේ පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 24 ක් අයත් වේ.
මෙම උත්සවය සඳහා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, කාන්තා හා අධ්‍යාපන යටිතල පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මැතිතුමන්ලා ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසක්ද, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ප්‍රියන්ත වීරසුරිය, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.