covid ops

අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.

මුලතිව් පොලිස් කොට්ඨාසයේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2021 අප්‍රේල් 02 වන දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

 

මෙම අවස්ථාවේදී පොලිස් උත්තමාචාර සම්මාන පෙළපාලියක් පවත්වා සර්ව ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි. පෙරසවි ගොඩනැගිලි 03 කින් ඉදිකරන ලද මෙම පොලිස් ස්ථානයත් සමග සමස්ත පොලිස් ස්ථාන ගණන 496 වේ. පාලන අංශය, අපරාධ අංශය, සුළු පැමිණිලි අංශය ඇතුළුව පොලිස් ස්ථානයක තිබිය යුතු සියළුම අංශයන්ගෙන් සමන්විත මෙම අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානයේ පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 06 ක් අයත් වේ.

 

උත්සවය අවසානයේදී අමාත්‍යතුමන් විසින් සංකේතවත් කරමින් පොලිස් ස්ථාන භූමීයේ පැළයක් සිටු වූ අතර ප්‍රදේශවාසීන් සමඟ සුහඳ සාකච්ඡාවක්ද පැවැත්විණි.

 

මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. කාදර් මස්තාන් මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක්ද, උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, සහායක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, කිළිනොච්චිය / මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්. වීරසේකර, මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444