covid ops

ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකයෙකු වූ ප්‍රකට ගායකයෙකු වූ වොලී බැස්ටියන් ශූරීන්ගේ ගුණ සැමරේ.

ශ්‍රී ලංකා පොලීසියේ සමාජිකයෙකු වශයෙන් සිටි ප්‍රකට ගායකයෙකු වන නැසීගිය වොලී බැස්ටියන් ශූරීන් සමරමින් ඔහුගේ සමරු ඡායාරූපයක් නිරාවරණය කිරීමේ උත්සවයක් අපරාධ, සංවිධානාත්මක අපරාධ හා අපරාධ වාර්තා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 20 වන දින උදෑසන 1000 ට යෙදුණු සුබ මොහොතින් පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි පොලිස් තූර්ය වාදක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා, ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.ජේ. කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද, ප්‍රවීණ ගායක සමන් සිල්වා, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා ඇතුලු ප්‍රකට සංගීතඥයින් සහ ගායකයින් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444