covid ops

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යතුමන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක‍්ෂ මහතා ඉදිරියේ පසුගියදා දිවුරුම් දුන් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා අද දින (2021 මැයි 05) සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ බත්තරමුල්ල පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියල් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ගරු දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරනු ලබයි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444