covid ops

මාතලේ කොට්ඨාසයේ මකුළුගස්වැව නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.

ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉටු කිරීම සහ මහජනතාවට අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසීම යන අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මාතලේ පොලිස් කොට්ඨාසයේ මකුළුගස්වැව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බංඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 ජුලී මස 03 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති මෙම උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වුණි. මකුළුගස්වැව පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 15 ක් අයත් වන අතර එහි 20980 කට අධික ජනතාවක් පදිංචිව සිටී. මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එහි පදිංචි ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනු ලැබුවේ මකුළුගස්වැව පොලිස් මුරපොල මගින්ය. නමුත් මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම තුලින් එම ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉතාමත් කෙටි කාලසීමාවක් තුල ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමීත බංඩාර තෙන්නකෝන් , මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන , මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බංඩාරනායක , දඹුල්ල දිස්ත්‍රික්ක භාර සහකාර පොලිස් අධිකාරි ඒස්.කේ.බංඩාර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444