covid ops

කඩුවෙල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ කඩුවෙල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි මස 12 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් සිදුවිය. ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ඉටු කිරීම සහ මහජනතාවට අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගි විය.

කඩුවෙල පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 07 ක් අයත් වන අතර එහි 38000 කට අධික ජනතාවක් පදිංචිව සිටී. මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එහි පදිංචි ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනු ලැබුවේ නවගමුව සහ මුල්ලේරියාව යන පොලිස් ස්ථානයන් මගින්ය. එබැවින් මෙම නව පොලිස් ස්ථානය ඉදිකිරීම තුලින් එම ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉතාමත් කෙටි කාල සීමාවක් තුල ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444