covid ops

මාතර කොට්ඨාසයේ බංගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට..

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මාතර පොලිස් කොට්ඨාසයේ බංගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී. රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලී මස 14 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය. ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස ඉටුකිරීමටත් මහජනතාවට අපරාධ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ.

රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති මෙම උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වුණි. බංගම පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 10 ක් අයත් වන අතර එහි 12152 කට අධික ජනතාවක් පදිංචිව සිටී.

මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එහි පදිංචි ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනු ලැබුවේ අකුරැස්ස පොලිස් ස්ථානයෙන් වන අතර මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම තුලින් එම ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉතාමත් කෙටි කාලසීමාවක් තුල ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, මාතර දිස්ත්‍රික්ක (II) භාර සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444