covid ops

ලෝක සන්නිවේදනයට සමගාමිව යමින් නව තාක්ෂණික පර්යේෂණාගාරයක් පොලිස් සංදේශ කොට්ඨාසයට.

ශ්‍රී ලංකාව තුළ මිනිස් ජීවිත හා දේපල ආරක්ෂා කිරීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් සන්නිවේදන ජාලයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන පොලිස් සංදේශ කොට්ඨාශය වෙත නව තාක්ෂණික පර්යේෂණාගාරයක් මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 14 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූල විවෘත කරන ලදී.

පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසියේ සන්නිවේදන අවශ්‍යතාවය කළමනාකරණය කිරීම සඳහා පොලිස් සන්නිවේදන කොට්ඨාශය දැවැන්ත මෙහෙවරක් සිදුකරයි. නව තාක්ෂණික මෙවලම් හා ක්‍රමෝපායන් ඔස්සේ පොලිස් සන්නිවේදනය තත්කාලයට ගැලපෙන සේ දියුණු කිරීම තුළින් ශ්‍රී ලාංකීය ජනතාවට සිදුවන ආපදාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාකිරීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් සකස් කිරීම මෙම පර්යේෂණාගාරය ස්ථාපිත කිරීමේ අරමුණක් වන අතර අනාගතයේ බිහිවන පොලිස් නිලධාරින්ට නවීන ක්‍රම අත්හදා බලමින් නව සන්නිවේදන උපකරණ නිර්මාණය කිරීමටත්, ඒ තුලින් දියුණු සන්නිවේදන ක්‍රමෝපායන් අත්හදා බැලීමටත්, අවස්ථාවන් සැලසෙනු ඇත.

පොලිස් සංදේශ කොට්ඨාසයේ ගුවන්විදුලි තාක්ෂණික ඒ්කකයේ නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද නව නිර්මාණ කිහිපයක්ම මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් නිරීක්ෂණයට ලක් කළ අතර එම නිර්මාණ ඉතා අගය කොට සලකන ලදී.

තවද එම නිර්මාණ කළ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස පොලිස්පතිතුමාට උපදෙස් ලබාදී තිබෙනවා. එම නිර්මාණ වන්නේ, මහජනතාව අලි උවදුරෙන් මුදවා ගැනීම සඳහා අලි වැටක්, ගංවතුර ඇතිවීමේ අනතුරු ඇඟවීමේ නළාවක්, පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට Voice to Type තාක්ෂණය මූලික කරගත් පරිගණක පැමිණිලි මධ්‍යස්ථානයක්, පොලිස් ස්ථාන වලට හා කාර්යාල වලට භාවිතයට උචිත ස්වයංක්‍රීයව ක්‍රියාකරන Automatic Hand Sanitizer ආදිය වේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති සි.ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිසක්ද සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444