covid ops

ප්‍රජා පොලිස් කරණය මගින් පොලිස් රාජකාරි සිදුකිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කෙරේ.

2019.12.23 වන දින සිට බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 77 ක පිහිටුවනු ලැබූ මහජන ආරක්ෂක කමිටු 200 ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් 2021.07.19 වන දින සිට නව මාර්ගෝපදේශ යටතේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා මාර්ගෝපදේශ අඩංගු අත් පොත ප්‍රධානය කිරීම 2021.07.16 වන දින සවස 4.00 ට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා හා ප්‍රජා පොලිස් සේවා ගරු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ පදිංචි ජනතාවගේ විවිධ පැමිණිලි විමර්ශනය, නිෂ්කාශන වාර්තා, ගිණි අවි හා ශබ්ද විකාශන බලපත්‍ර අයදුම්පත් විමර්ශනය වැනි මහජන මිත්‍රශීලි පොලිස් රාජකාරී මෙන්ම සිතාසි ක්‍රියාත්මක කිරීම, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් අධීක්ෂණය වැනි අපරාධ නිවාරණ පොලිස් රාජකාරීන් සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් මගින් සිදුකරවා ගැනීමට අපේක්ෂිතව ඇත.

මේ අවස්ථාව සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මැතිතුමා, ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.පී කොඩිකාර මැතිතුමා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, සහභාගී වු අතර මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, දේශබන්ධු තෙන්නකෝන් මැතිතුමා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් / පාරිසරික, ලලිත් පතිනායක මැතිතුමා විසින් සංවිධානය කරන ලදී.

මෙම රාජකාරී කරන නිලධාරීන්හට නවීන තාක්ෂණික උපකරණයක් වන වීඩියෝ කැමරා සහිත ගමන් කථනයක් හඳුන්වා දුන් අතර, සංඛේතාත්මකව එවැනි කැමරා 05 ක් කුදුරුඳුවත්ත, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන පොලිස් ස්ථාන වලට බෙදා දීමක්ද සිදු කෙරුනි.

මෙම අවස්ථාවට ප්‍රජා පොලිස් නිලධාරීන් පමණක් සහභාගී වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව වැඩසටහන පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444