covid ops

මාතර කොට්ඨාසයේ දෙවිනුවර නව පොලිස් මුරපොල ජනතා අයිතියට..

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මාතර පොලිස් කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ දෙවිනුවර පූජා භූමියේ ස්ථාපිත පොලිස් මුරපොල ස්ථිර පොලිස් මුරපොලක් ලෙස ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී. රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලී මස 17 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස ඉටුකිරීමටත් මහජනතාවට අපරාධ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමටත් මෙම පොලිස් මුරපොල මඟින් හැකියාව ලැබේ.

රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති මෙම උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වූණි. මෙම පොලිස් මුරපොල තාවකාලිකව දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පූජා භූමියේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර මෙහි පරිපාලන කටයුතු ගන්දර පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, මාතර දිස්ත්‍රික්ක (I) භාර සහකාර පොලිස් අධිකාරි අයි.ජී. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444