covid opsstf 37

බදුල්ල පොලිස් කොට්ඨාසයේ නමුණුකුල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට.

බදුල්ල පොලිස් කොට්ඨාසයේ නමුණුකුල නව පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ සහභාගිත්වයෙන් 2021 ජූලි 30 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව එම උත්සවය පැවැත්විණි. නමුණුකුල නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 06 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් පස්සර පොලිස් ස්ථානයට අයත්ව තිබුණි. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 10700 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිලිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි බදුල්ල දිස්ත්‍රික්ක (I) ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444