covid opsstf 37

මහජන ආරක්ෂක අමාත්‍යතුමන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සංචාරය කිරීම.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් වීරසේකර මැතිතුමා 2021අගෝස්තු 02 වන දින උදෑසන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ ජගත් අල්විස් මහතා සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාද සහභාගී විය.

අමාත්‍යතුමා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන්ගේ භට නිවාස, රෝහල් ඒකකය, ආධුනික භෝජනාගාරය, අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් පුහුණු කිරීමේ විද්‍යාගාරය (soco) හා නිලධාරීන් පුහුණුව ලබන ආදර්ශ අපරාධ ස්ථානය, ආදර්ශ උසාවිය සහ සේවස්ථ ක්‍රියාන්විත පුහුණු ඒකකය නිරීක්ෂණයට ලක් කළ අතර විශේෂයෙන් නිලධාරීන්ගේ පුහුණුව නඟා සිටුවීම සඳහා අවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ලබා දීමටද, පුහුණු ධාරිතාව වර්ධනය කිරීම සදහා අවශ්‍ය සහය දැක්වීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කරන ලදී.

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සිට ගරු අමාත්‍යතුමා සිදුකළ ආමන්ත්‍රණයට zoom තාක්ෂණය ඔස්සේ සෙසු පොලිස් විද්‍යාල සියල්ලෙහිම ආධුනික පොලිස් නිලධරයන්ද සම්බන්ධකර ගන්නා ලදි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) ප්‍රියන්ත වීරසූරිය මහතා, නියෝජ්‍ය පොලිස්පති (ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා සේවස්ථ පුහුණු) සජීව මැදවත්ත මහතා, නියෝජය පොලිස්පති (බඳවා ගැනීම් හා පුහුණු) නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතා, පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි මහතා සහ සියළුම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ලා සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී මංජුල මහගිරිල්ල මහතා යන නිලධාරීන්ද සහභාගී වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444