covid opsstf 37

නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නාන්නේරිය නව පොලිස් ස්ථානය ජනතා අයිතියට.

නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නාන්නේරිය නව පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගොස්තු 03 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව එම උත්සවය පැවැත්විණි. නාන්නේරිය නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 13 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් ගල්ගමුව පොලිස් ස්ථානයට අයත්ව තිබුණි. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 11550 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිලිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444