covid opsstf 37

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ලබා ගැනීම සඳහා ‍ශ්‍රී ලංකා පොලිසියට රුපියල් මිලියන 10 ක චෙක්පතක්.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල මිලදී  ගැනීම සඳහා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත අවශ්‍ය මුදල් ලබා දීමට මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් පළ කර තිබූ එකඟතාවය මත, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභා අරමුදලින් ලබා දෙන ලද රුපියල් මිලියන 10 ක මුදලට අදාළ චෙක්පත අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත නිකුත් කිරීම 2021.08.09 වන අද දින උදෑසන  සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.‍

මෙම චෙක්පත මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන්ද මෙන්ස් මහතා විසින් ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට ප්‍රදානය කිරීමෙන් පසු එතුමා විසින් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් වීරසේකර මහතාට භාර දුන් අතර ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන් විසින් රාජ්‍ය ආරක්ෂාව ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජයන්ත එදිරිසිංහ මහතාට භාරදීම සිදු කරන ලදී.

මාර්ග අනතුරු හා ඒ ආශ්‍රිතව සිදු වන මරණ හා දේපල හානි අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරන්තරවම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වර්තමානයේ රිය අනතුරුවලට ප්‍රධාන වශයෙන් බලපානු ලබන සාධක අතර අපරික්ෂාකාරී රිය ධාවනය මූලිකත්වය ගෙන ඇති බව සිදු කරන ලද සමීක්ෂණ හා වාර්තාවන් අනුව මේ වන විට තහවුරු වී ඇත. එසේම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම ද රිය අනතුරු වලට බලපාන තවත් මූලික සාධකයක් වේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හා යාන්ත්‍රණයක් සැකසීම ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබුණි. ඒ අනුව රියදුරන් නියාමනය කිරීමද, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිදු කරනු ලැබූ ඒකාබද්ධ සාකච්ඡාවන්හි ප්‍රථිපලයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබා දීම සඳහා තීරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා, ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා,  අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මිය සහ අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාද සහභාගී විය.

 

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/902-10#sigFreeId8bc6351898

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444