covid opsstf 37

සූරියකන්ද නව පොලිස් ස්ථානය ජනතා අයිතියට.

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ සූරියකන්ද නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම රත්නපුර / කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු 30 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. සූරියකන්ද නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 05 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් කොලොන්න පොලිස් ස්ථානයට අයත්ව තිබුණි. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 17250 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිලිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.එස්. මෙන්ඩිස්, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි (I) ඩී. සනත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444