covid ops

ප්‍රථම වරට තරඟ විනිසුරුවරියක් ලෙස ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කල පොලිස් නිලධාරිණියට උපහාර.

 2021 ජපානයේ පැවති 32 වන ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා නිලධාරිණිය ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස ප්‍රථම වරට බොක්ෂිං තරඟයක විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලාංකික කාන්තාවන්ට සහ ශ්‍රී ලංකා පොලීසියටද මහත් වූ අභිමානයකි.

ඇය ඔලිම්පික් තරඟාවලියේ අවසන් දින බර පංති දෙකක් යටතේ පැවති තරඟ දෙකක විනිසුරුවරිය ලෙස කටයුතු කල අතර ඇයව අගයමින් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකගේ කළමණාකාර අධ්‍යක්ෂවරයාද, DJMC Events ආයතනයේ සභාපතිවරයා මෙන්ම කොළඹ ශාන්ත මේරි විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඩන්ස්ටන් පෝල් රොසයිරෝ සහ ඇමරිකාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු වෙන නිව්ජර්සි බෝයි බොක්සිං සමාජයේ හිමිකරු වන බන්දුල රත්නපාල යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු ඔලිම්පික් බොක්සිං විනිසුරුවරිය වන නෙල්කා ශිරෝමාලා මහත්මියට විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කර ගෞරව සම්මානයක්ද ලබාදිමට කටයුතු කර ඇත.

ඇය දැනට ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ රාජකාරි කරනු ලබන අතර ගෞරව සම්මානය ලබා 2021.09.17 වන දින දිවයිනට පැමිණීමේදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා විසින් ගුවන්තොටුපලේදි පිළිගැනීමේ උත්සවයක් පවත්වා ඇය පිලිගන්නා ලදී. ඉන් අනතුරුව පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමාගේ ඇගයීමටද ලක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

ඇය ඇගයීමේ උත්සවයක් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච් සමුද්‍රජීව මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම පිලිගැනීමේ අවස්ථාවන් සීමිත නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කෙරිණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444