covid ops

ශ්‍රී ලංකා පොලීසියට නව පොලිස් නිල නිවාස 42 ක් පරිත්‍යාග කෙරේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කිරිම සදහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් කොම්පඤ්ඤවීදියේ දුම්රිය මාර්ගය සහ බේරේ වැවට ඉහලින් ඉදිකරනු ලබන ගුවන් පාලම වෙනුවෙන් කොම්පඤ්ඤවීදියේ පොලිස් ස්ථානයේ නිල නිවාස 42 ක් ඉවත් කරනු ලැබීය.

 

මෙසේ ඉවත් කරනු ලැබු නිල නිවාස වෙනුවෙන් පළමු අදියර යටතේ කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ලබා දෙන නිවාස වල යතුරු භාර දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් මස 30 වන දින මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ගුවන් පාලම ඉදිකිරිම වෙනුවෙන් ඉවත් කරනු ලබන පොලිස් නිල නිවාස 42 වෙනුවෙන් අදියර දෙකක් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය මගීන් කොම්පඤ්ඤවීදියේ මෙට්රෝ හෝම්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දෙනු ලබයි. මෙහි පළමු අදියර ලෙස නිවාස 22 ක් සහ දෙවන අදියර ලෙස නිවාස 20 ක් ලබා දෙනු ලබයි. පළමු අදියර ලෙස ලබා දෙනු ලබන නිවාස 22 වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් රුපියල් මිලියන 340 ක් වැය කර ඇත.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/910-42#sigFreeIddd004c8a16

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444