covid ops

ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා විඩියෝ සාක්ෂි පටිගත කිරීමේ බස්නාහිර පළාත් ඒකකය විවෘත කිරීම

ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමුන් ද්විතියික වින්දිත භාවයට පත්වීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව දරුවන්ට සුරක්ෂිත අනාගතයකට නීතිමය තාක්ෂණික සත්කාරයක් උදෙසා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් රාගම පොලිස් ස්ථාන භූමියේ පිහිටා ඇති ළමා පියසෙහි ස්ථාපිත ළමා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ බස්නාහිර පළාත් ඒකකය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ගරු රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ළමාරක්ෂක අධිකාරියේ සභාපති මාහාචාර්ය මුදිත විදානපතිරණ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, කොළඹ මෙට්‍රෝ පොලිටන් රොටරි සමාජයේ ප්‍රධානී දිලිනි හෙන්නායක මහත්මිය සහ එම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව 2021.10.01 වන දින පෙරවරුවේ සිදු විය.

අපරාධයන්ට ගොදුරු වන ළමුන් ද්විතීක වින්දිතභාවයට පත්වීම වැලැක්වීම සඳහා 1999 අංක 32 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ සලසා ඇති ප්‍රතිපාදන යටතේ ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරිම සිදුකරනු ලබයි. වීඩියෝ සාක්ෂි ලබා ගැනීම නිසා ළමුන් සෑම විටම අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන අතර ඒ තුළින් ළමයාගේ යහපත මෙන්ම සුරක්ෂිතභාවය වඩාත් තහවුරු වීම මෙහි තිබෙන විශේෂත්වයයි.

තවද, කොළඹ මෙට්‍රෝ පොලිටන් රොටරි සමාජය සහ UNDP ආයතනයේ අනුග්‍රහය ඇතිව මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත.

එමෙන්ම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් නව පියවරක් ඉදිරියට තබමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීම සඳහා නව වෙබ් පිටුවක් පොලිස් වෙබ් අඩවිය වෙත මුදා හැරීමටද කටයුතු කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444