covid ops

කොකාවැව නව පොලිස් ස්ථානය විවෘත කෙරේ..

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ කොකාවැව නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කිරීම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 05 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. කොකාවැව නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 07 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට අයත්ව තිබුණි. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 9580 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, අනුරාධපුර වැඩබලන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එම්.ජී.ඩබ්.එස්.කේ. ගොඩකුඹුර, හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.ඩී.ටී. සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444