covid ops

මාලඹේ නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කෙරේ.

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාගයේ දැක්ම” සංකල්පයට අනුව ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාතෙහි පිහිටවනු ලැබූ 10 වන පොලිස් ස්ථානය ලෙස නුගේගොඩ කොට්ඨාසයට අයත් මාලඹේ පොලිස් ස්ථානය 2021.11.01 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදී.

නව පොලිස් ස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, විශ්‍රාමික පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

සීග්‍රයෙන් සංවර්ධනය වන වාණිජමය පිහිටීමක් ඇති මාලඹේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන ලද නව පොලිස්ථානයට ග්‍රාම නිලධාරී වසම් 12 ක් අයත් වන අතර 9810 කට අධික ජනතාවකට කඩිනමින් තම සේවා අවශ්‍යතාවයන් මෙම නව පොලිස් ස්ථානය මඟින් සපුරා ගැනීමට හැකි වන අතර අපරාධ පිළිබඳ බියකින් තොරව තමන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ. තවද රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444