covid ops

වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරඟාවලි‌යේ අනු ශූරතාව ශ්‍රි ලංකා පොලිසියට.

ශ්‍රි ලංකා පොලිසිය හා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරඟාවලිය 2021.10.30 හා 2021.10.31 වන දිනයන් වලදී බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර, පළමු වටයේදී ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම් පරාජයට පත් කරමින් ශ්‍රි ලංකා පොලිස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී. අර්ධ අවසන් පූර්ව වටයේදී නැවත වරක් ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම සහ CR &FC කණ්ඩායම් පරාජයට පත් කරමින් ශ්‍රි ලංකා පොලිස් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රි ලංකා පොලිස් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති අතර, එහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. ශ්‍රි ලංකා පොලිස් කණ්ඩායම මෙම තරඟාවලියේ අනුශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රිඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අතර, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444