covid ops

ලක්විදු පෙර පාසලේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා ආරක්ෂණය පිළිබඳව දරු දැරියන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හා ත්‍යාග ප්‍රධානෝත්සවයක්

ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් පවත්වාගෙන යනු ලබන කොළඹ 08, ගෝතමී පාර පිහිටි ලක්විදු පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ දරු දැරියන් වෙත පාසල් උපකරණ කට්ටල ලබාදීමේ උත්සවයක් ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 11 වන දින පෙරවරු 0900 ට පෙර පාසල් භූමියේදී පැවැත්විණි.

රටේ පවත්නා කොවිඩ් මාර්ගෝපදේශ වලට මුල් තැන දෙමින් ඉතා චාම්ව මෙම උත්සවය පැවැත්වු අතර පැමිණි සිටි දෙමාපියන්ව ළමා අපයෝජන සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන ලදී. තවද, පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ විවිධ කලා කුසලතාවයන්ගෙන්ද උත්සවය විචිත්‍රවත් වන්නට විය. ඇට්ලස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණි නදීකා ජයසිංහ මහත්මිය විසින් පෙර පාසලේ දරු දැරියන් හට ත්‍යාග ලබාදීමක් සිදුකරන ලද අතර ඉදිරියේදී පවත්වන මෙවැනි තරඟ සඳහා අනුග්‍රහය ලබාදීමටද කටයුතු කරන බවට දන්වා සිටින ලදි. 

ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි, ප්‍රජා පොලිස් කොට්ඨාස භාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඩි.කේ. ප්‍රියන්ත, බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද පෙරපාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444