covid ops

අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රියංකරගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව ඉදිකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රියංකරගම නව පොලිස් ස්ථානය 2021 නොවැම්බර් 10 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා සහභාගි වූ අතර උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්. ලක්සිරි විජේසේන, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්. ගීගනගේ, සහකාර පොලිස් අධිකාරි (අනුරාධපුර III) නාමල් පෙරේරා යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. ප්‍රියංකරගම නව පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 05 ක් අයත් වන අතර මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට පෙර එම ග්‍රාමසේවා වසම් වල පදිංචි 9790 කට අධික ජනතාවක් එප්පාවල පොලිස් ස්ථානය මඟින් තම සේවා අවශ්‍යතා සපුරා ගනු ලැබීය. මින් ඉදිරියට එම ජනතාවට කඩිනමින් තම සේවා අවශ්‍යතාවයන් මෙම නව පොලිස් ස්ථානය මඟින් සපුරා ගැනීමට හැකි වන අතර අපරාධ පිළිබඳ බියකින් තොරව තමන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444